Gossips

පාකිස්ථානය අරාබි මුහුදෙන් වාසනාව සොයයි

අරාබි මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර, එහිදී විශාල තෙල් හා ගෑස් සංචිතයක් අපේක්ෂා කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.
එමගින් තම රට අද මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇති බවත්, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
පාකිස්ථානය සිය ස්වභාවික සම්පත්වලින් සමෘද්ධිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එමගින් රට තුළ පූර්ණ පරිවර්තනයක් අපේක්ෂා කරනවා.
කෙසේ නමුත්, පාකිස්ථානයට අයත් අරාබි මුහුදේ තෙල් ගවේෂණ කටයුතුවල නිරත වන එක්සොන් – මොබිල් සමාගම එහි ප්‍රගතිය පිළිබදව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.