පාකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරි ඇතුලූ 20 දෙනෙකු එරට මධ්‍යම ඔත්තු සේවය මගින් රුපියල් බිලියන 35 ක මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ සැකකරුවන් ලෙස ඊයේ නම් කළා.
එහිදී හිටපු ජනාධිපති සර්දාරිගේ හිතවත් බැංකුකරුවෙකුටද චෝදනා එල්ලවී තිබෙනවා.
ඒ, සර්දාරි සහ ඔහුගේ සොහොයුරියට ව්‍යාජ ගිණුම් ආරම්භ කිරීම සඳහා සහය වූ බවටයි.
එම ව්‍යාජ ගිණුම්වල තැන්පත් කළ විශාල මුදලක් සර්දාරි සමූහයේ ගිණුම්වලට පසුව බැරකර ඇති බව පාකිස්ථාන මධ්‍යම ඔත්තු සේවය අධිකරණයේදී සඳහන් කළා.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ සොහොයුරිය ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැහැ.
අසිෆ් අල් සර්දාරි පාකිස්ථානයේ ඝාතනයට ලක්වූ හිටපු අගමැතිනි බෙනසීර් භූතෝගේ සැමියායි.
