Gossips

පාකිස්ථානයේ හිටපු ජනපති මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඉස්ලාමාබාද් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඔහුගේ පරිගණකගත ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
එම පියවර ගෙන ඇත්තේ පාකිස්ථාන විශේෂ අධිකරණය මගින් ලබා දුන් නියෝගයකට අනුවයි.
2007 වසරේදී මුෂාරෆ් ජනාධිපති ධුරය හොබවන සමයේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස හදිසි නීතිය පැනවූ බවට රාජ්‍ය ද්‍රෝහී චෝදනා මත ඔහුට එරෙහිව නඩුවක් විභාග කෙරෙනවා.
කෙසේ නමුත්, ඔහු මේ වනවිට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින අතර, පාකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කරන බව සඳහන්.