Gossips

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට

වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළදපොලක් අසල අද සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 30 දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඉස්ලාමීය පාසලක් ඉදිරිපිට මෙම වෙළදපොල පිහිටා ඇති බව සදහන්.
මේ අතර, කරච්චි නුවර, චීන කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැති ඉම්රාන් ඛාන් නියෝග කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පාකිස්ථාන පොලිස් භටයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හානියක් සිදුවූයේ නැහැ.
ප්‍රහාරයට පැමිණි තුන්දෙනාම පාකිස්ථාන ආරක්ෂක අංශ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.