Gossips

පාකිස්ථානයේ නව අගමැති ඉම්රාන් ඛාන්

මහ මැතිවරණයෙන් තමන්ගේ පී.ටී.අයි. පක්ෂය ජයග්‍රහණය කර ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් මීට ටික වේලාවකට පෙර පාකිස්ථානු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඔහුගේ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සදහා සන්ධානගත වීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ආසන 272 න් 119 ක බලය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ලැබී ඇති අතර, ආණ්ඩුව පිහිටුවීම සදහා ආසන 137 ක් ජයග්‍රහණය කළ යුතු වනවා.
මහමැතිවරණයේදී හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්ගේ පක්ෂය දෙවන ස්ථානයට පත්ව ඇති අතර හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝගේ පක්ෂයට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.
1992 වසරේදී පාකිස්ථානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් ඉම්රාන් ඛාන් 1996 වසරේදී දේශපාලනයට පිවිසි අතර, ඔහු ජයග්‍රාහී මාවත සකස් කර ගැනීම සදහා වසර 20 කට අධික කාලයක් දේශපාලනයේ නිරත වුණා.