Gossips

පාකිස්ථානයේ ගල් අඟුරු පතල් අනතුරුවලින් 23 දෙනෙකු මරුට

පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
බලූචිස්ථාන් ප්‍රාන්තයේ ක්වෙටා නගරයේ මෙම ගල් අඟුරු පතල පිහිටා ඇති අතර, අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ (06) දිනයේදී බටහිර පාකිස්ථානයේ තවත් ගල් අඟුරු පතලක ගෑස් කාන්දුවක් සිදුවූ අතර, එහිදී පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.