Gossips

පාකිස්ථානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 16 දෙනෙකු මරුට

බටහිර දිග පාකිස්තානයේ මර්වාරා ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදුවු ගෑස් පිපිරීමකින් පතල් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තාවූ මර්වාරා නගරය පිහිටා ඇත්තේ බලූචිස්ථාන් ප්‍රාන්තයේ ක්වෙටා නගරයට නැගෙනහිර දෙසින්.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වනවිට ප්‍රයත්නයක යෙදී සිටින බව සඳහන්.
සිද්ධියේදී තුවාල ලැබූ 9 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ.