Gossips

පාකිස්ථානයේ – කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්

පාකිස්ථානයේ – කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට අද සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වුණා.
වෙරළාසන්න කරච්චියේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි කොන්සල් කාර්යාලය වෙතින් වෙඩි හඬ සහ පිපිරීම් අසන්නට හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත්, සන්නද්ධ ප්‍රහාරකයන් කොන්සල් කාර්යාලය තුළට ඇතුලු වීම වැළැක්වීමට එහි ආරක්ෂක නිලධාරින් සමත් වී තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, කොන්සල් කාර්යාලයේ සිටි චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හානියක් සිදුව නැහැ.
චීනය, පාකිස්ථානයේ ප්‍රධානතම ආයෝජකයා වන අතර, මේ වනවිට එහි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වනවා.