ඉදිරි දින කිහිපය තුළදී ඉන්දියාව, ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඞ් ක්වරේෂි චෝදනා කරනවා.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දියාව එවැනි සැළැස්මකට සූදානමින් සිටින බවට රහස් ඔත්තු සේවා ඔස්සේ තොරතුරු ලැබී ඇති බවයි.
ලබන 16 වනදා සහ 20 වනදා අතර මෙම ප්‍රහාරය එල්ල කරනු ඇති බවට පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සැක පළ කරනවා.
මොහුගේ මෙම ප්‍රකාශයට ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.