සෞදි අරාබිය වෙතින් ඩොලර් දැවැන්ත මූල්‍යාධාරයක් හිමිකරගත් පාකිස්ථානයට තවත් ඩොලර් බිලියන 6.2 ක මූල්‍යාධාර ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත්වී සිටිනවා.
පාකිස්ථානය මේ වනවිට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදෙන අතර, ඔවුන්ට මූල්‍යාධාර ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි රැසක් ඉදිරිපත් කළා.
ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැදපෙරදිග මිතුරු රටවල සහය අපේක්ෂා කළේ.
විශේෂයෙන් ජමාල් කෂෝගි ඝාතනයට කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට චෝදනා එල්ලවීම නිසා බටහිර රටවලින් හුදකලාවද්දී එහි ගිය පාකිස්ථාන අගමැතිවරයා එරටින් ඩොලර් බිලියන 6 ක මූල්‍යාධාරයක් හිමිකරගත්තා.