පාකිස්තාන විපක්ෂ නායක ශබාස් ශරීෆ් එරට ජාතික වගවීමේ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබදව පාකිස්තාන විපක්ෂය ඉම්රාන් ඛාන් රජය දැඩි දෝෂදර්ශනයට ලක් කළා.
විශේෂයෙන් පාකිස්තාන ජාතික සහ පළාත් සභාවල අතුරු මැතිවරණ 37ක් ඔක්තෝම්බර් 14 වන දා පැවැත්වීමට නියමිතව තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම පිළිබදවයි ඔවුන් සැක පළ කරන්නේ.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තෙහෙරික් – ඉ – ඉන්සාෆ් රජය විරුද්වාදීන් මර්දනය කිරීම සඳහා එරට දූෂණ විමර්ශන කාර්යාංශය යොදා ගන්නා බවට විපක්ෂය චෝදනා කරනවා.
පාකිස්තාන විපක්ෂ නායක ශබාස් ශරීෆ් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූයේ පකිස්තාන රුපියල් බිලියන 14ක නිවාස ව්‍යාපෘති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.
