Gossips

පාකිස්තාන නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයාගේ පාලනය යටතේ දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.
පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලන කාලය තුල සාමය සහ සෞභාග්‍ය උදාවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ද එම පණිවුඩයේ තවදුරටත් සඳහන්.