Gossips

පාකිස්තාන ‘‘කාශ්මීර්’’ – ශ්‍රී ලංකාවට

සමුද්‍ර ආරක්ෂක කටයුතුවල නිරත වන පාකිස්තාන ‘කාශ්මීර්’’ නෞකාව සිව් දින සංචාරයක් සඳහා ලබන සඳුදා කොළඹ වරායට පැමිණෙනවා.
16 වනදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ක්‍රියාකාරකම් රැසක නිරතවීමට නියමිත බව කොළඹ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් කාශ්මීර් නෞකාව දිවයිනට පැමිණෙන බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.
කලාපයේ සාමුද්‍රික ආරක්ෂාව, කලාපීය සාමය, සශ්‍රීකත්වය සහ සුහදත්වය සඳහා වැදගත් වන බව පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කළා.