දූෂණ චෝදනා මත සිර දඬුවම් විදින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට ඇප ලබාදීම ඉස්ලාමාබාද් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
69 හැවිරිදි නවාස් ශරීෆ්ට සත් වසරක සිර දඬුවම් නියම වූයේ වානේ කම්හලක හිමිකාරත්වය දරමින් මූල්‍ය විශුද්ධිකරණයේ යෙදීමේ චෝදනා මතයි.
සෞඛ්‍ය හේතූන් මත ඔහුට ඇප ඉල්ලා සිටිය ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.
