Gossips

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් 31 දෙනෙකු මරුට

අද ආරම්භ වූ පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡුන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
පාකිස්තානයේ ක්වේටා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නැහැ.