බලගතු අත්බෝම්බ 9ක් ප්‍රහාරක තුවක්කු මැගසින් සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන පාකිස්තානයේ කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ඊයේ කඩා වැදුණු සන්නද්ධ ත්‍රස්තවාදීන්ගෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් බේරාගෙන ඇත්තේ එහි ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරිනියක් බව හෙළි වී තිබෙනවා.
පාකිස්තාන පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක වන සුහායි අසීස් නැමැති ඇය ත්‍රස්තවාදීන් කොන්සල් කාර්යාලය තුළට පිවිසීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්‍රබල ලෙස සන්නද්ධ වූ ත්‍රස්තවාදීන් ආහාර සහ ඖෂධ ද රැගෙන එහි පැමිණ ඇත්තේ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රාණ ඇපයට ගැනීමේ අරමුණින්.
ඔවුන් බේරා ගත් සුහායි අසීස් නැමති මෙම පොලිස් නිලධාරිනියට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ද, ඇය උසස් අධ්‍යාපනය ලැබීම නිසා ආගමික අධ්‍යාපනයට සීමා වූ ගම්මානය හැර යාමට ද සිදුවූ බව සඳහන්.
