Gossips

පාකිස්තානයේ චීන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය, ඉන්දියාවත් හෙළා දකී

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පාකිස්තානයේ කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ඊයේ එල්ල වූ ප්‍රහාරය ඉන්දියාව ද හෙළා දැක තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත්තේ ඉන්දීය සහය ලබන බවට පාකිස්තානය චෝදනා කරන බලොචිස්ථාන් විමුක්ති හමුදාව නැමැති සන්නද්ධ සංවිධානය විසින්.
මේ අතර, ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් චීනය ප්‍රකාශ කළේ සිය පුරවැසියන් සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තානය ප්‍රායෝගික පියවර ගත යුතු බවයි.