Gossips

පාකිස්තානයට සහ ඉන්දියාවට ජය

ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති සුපිරි කණ්ඩායම් හතරේ තරඟවලින් ඉන්දියාව සහ පාකිස්තානය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.
ඉන්දියාව සමඟ පැවති තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 173කට දැවී ගිය අතර, ඉන්දියාව 37 වන පන්දු වාරයේදී කඩුලු 3ක් දැවී ලකුණු 174ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
අබුඩාබි හිදී ඊයේ පැවති දෙවන තරඟයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 6ක් දැවී ලකුණු 257ක් රැස් කළ අතර, පාකිස්තානය අවසන් පන්දු වාරයේදී කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.