පාකිස්ථාන කාන්තා ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 94 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 250 ක් රැස් කළා.
ශ්රි ලංකා ක්රීඩිකාවන්ට පන්දුවාර 37කදී සියලූදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 156 ක් පමණයි.
