Gossips

පාකිස්තානයට චීනයෙන් ඩොලර් කෝටි 220ක්

චීනය විසින් පාකිස්තානයට ලබාදෙන රෙන්මින්බි බිලියන 15ක එනම් ඩොලර් බිලියන 2.2ක ණය මුදල ඊයේ ලැබුණු බව පාකිස්තාන මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට සිය බාහිර ණය ගෙවීම සඳහා එම මූල්‍යාධාරය ප්‍රයෝජනවත් වනු ඇති.
චීනය විසින් පාකිස්තානයට ලබාදී ඇති මුළු ණය මුදල ඩොලර් බිලියන 4.1 ඉක්ම වනවා.
එමෙන්ම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මේ වසර තුළ පාකිස්තානයට මිතුරු රටවලින් ලැබී ඇති මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 9.1කට ආසන්නයි.