Gossips

පාකිස්තානයට උණුසුම් වා දහරා

පාකිස්තානයේ කරච්චි නුවර කේන්ද්‍ර කොටගෙන දැඩි උණුසුම් වා දහරාවක් පැතිරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහි උෂ්ණත්වය පසුගිය දින තුනේම සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40 ඉක්ම වූ අතර අද උෂ්ණත්වය සටහන් වන්නේ සෙන්ටිගේ‍්‍රඩ් අංශක 45ක් ලෙසයි.
ඉදිරි දින දෙකේදීත් මෙලෙස කරච්චියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 41ත්, 45ත් අතර පවතිනු ඇති බවයි එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ.
දැඩි උණුසුම හේතුවෙන් කරච්චිවාසීන් රාත්‍රියේ එළිමහන්වල නිදා ගැනීමට හුරු වී ඇති අතර, සහන සංවිධාන මගින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට සහ පැදිකරුවන්ට ජලය විදීමට කටයුතු කර ඇති බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කළා.