Gossips

පාකිස්තානයට ආධාර දෙන්න තවත් සාකච්ඡා අවශ්‍ය බව චීනය කියයි

පාකිස්තානයට මූල්‍යාධාර සැපයීමට සූදානම් නමුදු ඒ සඳහා තවත් සාකච්ඡා අවශ්‍ය බව චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් ප්‍රකාශ කර තිබෙනවා.
ආධාර පිළිබද තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා එවැනි සංවාදයක් අවශ්‍ය බවයි චීනයේ සංචාරයක නිරත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවූ අවස්ථාවේදි ඔහු පවසා ඇත්තේ.
පාකිස්තානයේ විදේශ විනිමය සංචිතය මේ වසරේදී සියයට 42කින් පහත වැටුණු අතර, දැන් පවතින්නේ ඩොලර් බිලියන 8ක මට්ටමකයි.
කෙසේ නමුත්, පාකිස්තානයේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අවශ්‍ය සහය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.