Gossips

පාකිස්තානට එරෙහි දැඩි තීරණයකට ඉන්දියාව සැරසේ

කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින පුල්වාමා දිස්ත්‍රික්කයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 46 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු පාකිස්තානය සමඟ පවතින සබඳතා සම්පූර්ණයෙන් අත්හරින බව ඉන්දියාව ප්‍රකාශ කළා.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අරුන් ජෙට්ලි සඳහන් කළේ හැකි සියලු තානාපති පියවර රැගෙන පාකිස්තානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීමට කටයුතු කරන බවයි.
ජම්මු ප්‍රදේශයේ සිට ශ්‍රී නගර් බලා ධාවනය කරමින් තිබූ ඉන්දීය ආරක්ෂක අංශ රථ පෙළකට, මෝටර් රථයකින් පැමිණ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙම ප්‍රහාරය සිදුකළේ ඊයේ පස්වරුවේයි.
ජයිෂ් – ඉ – මොහොමඩ්, සන්නද්ධ කල්ලිය එය සිදුකර ඇති බව පවසන ඉන්දියාව, පාකිස්තානය ඔවුන් දිගුකාලයක සිට ආරක්ෂා කළ බවට චෝදනා කළා.
මෙම සංවිධානයේ නායකයා වන මසූඩ් අසාර්ගේ නම ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලය විසින් ත්‍රස්තවාදී නාමලේඛනයට ඇතුළත් කළ යුතු බවයි ඉන්දියාව ප්‍රකාශ කළේ.
මේ සඳහා ඉන්දියාව මීට පෙර කටයුතු කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ වුණේ ජගත් ආරක්ෂක මණ්ඩලයේදී චීනය, පාකිස්තානයට සහයෝගය දක්වමින් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන්.