Gossips

ප්‍රේම සම්බන්ධයකට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවියගේ ගෙළ කැපූ පාසල් ගුරුවරයා

වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගෙළ කපා ඝාතනය කිරීමට තැත් කළ පාසල් ගුරුවරයෙකු ඉන්දීය පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ – අන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල ගුරුවරයා විසින් පාසල් දැරියට ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට යෝජනා කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ගුරුවරයා කළ එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එයට උරණවූ ගුරුවරයා මෙලෙස දැරියගේ ගෙළ කපා ඔහුද ගෙළ කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.
අදාල ගුරුවරයා විසින් දැරියට කලක සිට මෙම යෝජනාව කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර පාසල් ගමන නතරවේයැයි බියෙන් ඇය මෙය දෙමව්පියන්ගෙන් සඟවා තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි අදාල ගුරුවරයා දැරියගේ නිවස අසලින් නිවසක් ද කුලියට ගෙන එහි පදිංචියට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ඊයේ (03) උදෑසන දැරිය පමණක් නිවසේ සිටින අවස්ථාවේ අදාල ගුරුවරයා බීමතින් දැරියගේ නිවසට පැමිණ තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවයකට කැමතිවන ලෙස දැරියට බලකර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දැරිය එය ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්වූ ගුරුවරයා පිහියකින් දැරියගේ ගෙළ කපා ඔහුද ගෙළ කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහකර තිබෙනවා.
සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි දැරිය සහ ගුරුවරයා රෝහල් ගතකර ඇති අතර දැරිය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
සැකකාර ගුරුවරයා ද පොලිස් ආරක්ෂාව යට‍තේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.