Politics Sri Lanka

ප්‍රීමා නඩුවෙන් සේවකයන්ට ජය – නීතීඥ ජානක අධිකාරී

ප්‍රීමා නඩුවෙන් සේවකයන්ට ජය – නීතීඥ ජානක අධිකාරී

වසර 12ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ මැදිහත්වීමකින් පසු ප්‍රීමා සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් 06ක අත්තනොමතික ලෙස වැඩ තහනමට ලක් කර සිටි සේවකයන් 600ක් දෙනාට ජයග්‍රහණය අත් කර දීමට සමත් වූ බව අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතා සඳහන් කරයි.

සේවක ඉල්ලීම් සඳහා සාකච්ඡා මගින් පිළිගත හැකි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ප්‍රීමා සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් 06ක වැඩවර්ජනයක් කළ සේවකයින් 600ක් පමණ දෙනා ඉතා අසාධාරණ අයුරින් 2006 වසරේදී සේවයෙන් නෙරපා හරින ලදී.

සේවය අහිමි කළ මෙම සේවකයින් වෙනුවෙන් අන්තර් සමාගම් සේවක සංගමය විසින් කාර්මික අධිකරණයේ නඩු පැවරූ බවත් එම සේවකයින් වෙනුනේ තමන් පෙනී සිටි බවත් නීතීඥ ජානක අධිකාරී මහතා සඳහන් කරයි.

ප්‍රීමා සමාගමේ ක්‍රියාකලාපය සම්පූර්ණ අසාධාරණ බවත් එ් අනුව සියලු සේවකයන්ට හිඟ වැටුප් ඇතුළු දීමනා සියල්ල ලබා දිය යුතු බවත් එම සේවකයන් නැවත සේවයේ පිහිටුවිය යුතු බවත් එම නඩුව අවසානයේ කාර්මික අධිකරණය නියෝග කර ඇත.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මේ වසරේ ජනවාරි මාසයේ නිකුත් කළ බවද අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරි මහතා වැඩිදුටත් සඳහන් කළේ ය.