හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පෙබරවාරි 4 වනදා නිල වශයෙන් දේශපාලන කරළියට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන කුම්භමේලා සැණකෙළියට සමගාමීව ගංඟා නදියේ ස්නානය කොට ඇය සිය සොහොයුරු රාහුල් ගාන්ධි සමඟ එදින ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වනු ඇති.
2001 වසරේදී සෝනියා ගාන්ධි දේශපාලනයට පිවිසියේද, කුම්භමේලා සැණකෙළියේදී ශුද්ධවූ ගංඟා නදියේ ස්නානයෙන් අනතුරුවයි.
රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂ සභාපති ධුරය දක්වා පැමිණියද ප්‍රියංකා ඇගේ දරුවන් වෙනුවෙන් කාලය කැප කිරීමට අවශ්‍ය නිසා දේශපාලනයට පැමිණීමට අදහස් නොකරන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එහෙත් 47 හැවිරිදි ප්‍රියංකා එළඹෙන ජාතික මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ ඡන්ද සටන මෙහෙයවීමට නියමිතයි.
එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන බලකොටුව වීම ද විශේෂත්වයක්.
