ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.
ඉන්දියාවේ මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී ඇය මෙම දැනුම්දීම සිදුකර ඇති අතර, ඉන්දියාවේ අතිශය තීරණාත්මක ප්රාන්තයක් වන උත්තර් ප්රදේශ් හි කොංග්රස් පක්ෂ ලේකම්වරිය ලෙස ප්රියංකා ගාන්ධි පත් කර ඇති බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
මීට පෙර පැවති මැතිවරණවලදී ඇය, සිය මව සහ සොහොයුරා වෙනුවෙන් බොහෝ කටයුතු සිදුකළද දේශපාලන නිලතල දැරීම ප්රතික්ෂේප කළා.
ඉන්දීය දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ප්රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණවීම කොංග්රස් පක්ෂයට නව බලයක් එක් කරනු ඇති බවටයි.