Gossips

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසකින් නීති විරෝධී අවි ආයුධ මතුවෙයි

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ නිවසක් පරීක්ෂා කර එහි තිබී ගිනි අවියක් සහ තහනම් පිහි කිහිපයක් සමඟ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය අද (24) අලුයම සිදුකළ පරීක්ෂා කිරීමකදී නිවසේ තිබී පතොරොම් තුවක්කුවක්, එම උණ්ඩ 9ක්, කඩුවක්, තහනම් පිහි දෙකක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකාරිය, අවුරුදු 44ක් වයසැති අවිස්සාවේල්ල – උඩුවිල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නිවසේ සිට නැහැ.