ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි වන පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ නව චක්‍රලේඛයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මෙම චක්‍රලේඛය අවලංගු කරන්නේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් විමසීමක් කළ අතර ඊට විෂයභාර අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විමල් වීරවංශ සහ කථානායක කරූ ජයසූරිය ද මැදිහත් වුණා.
පසුගියදා මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ සංවර්ධන රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු යොමුකළ පැනයකට අමාත්‍ය සාගල රත්නායක ලබාදුන් පිළිතුරත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සංවර්ධන රැස්වීම් සඳහා සහභාගිවීමට හැකියාව ඇත්තේ සභාපතිවරයා, ඔහුගේ නියෝජිතයෙකු මෙන්ම විපක්ෂ නායක සහ ඔහුගේ නියෝජිතයෙකුට පමණක් වන බවයි.
අමාත්‍ය සාගල රත්නායකට විරෝධය පළ කරමින් එහිදී අදාළ මන්ත්‍රීවරුන් රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබුණා.
ඉන් අනතුරුවයි ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි වන පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කෙරුණේ.