Gossips

ප්‍රසන්න රණවීර සඳුදා වරප්‍රසාද කමිටුවට

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ ලබන සඳුදා පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය, මෙම කැදවීමට හේතු වී ඇති බවයි.
විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 3 වන අඟහරුවාදා පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා.
එහිදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරන ලද බවටයි ප්‍රසන්න රණවීර මන්ත්‍රවරයාට චෝදනා එල්ල වුණේ.
කෙසේ වෙතත්, තමන් ලබන සඳුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.