එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඔහු අද (20) මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිපත්කිරිමෙන් අනතුරුවයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවටයි පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීරට චෝදනා එල්ල වී ඇත්තේ.
මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී නිවසට පොලිස් කණ්ඩායම් නික්ම ගියද ඔහු නිවසේ නොසිටි බවට වාර්තා වුණා.
පසුගිය 28 වැනිදා රාත්රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර ප්රසන්න රණවීර මන්ත්රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී ඇත්තේ ජගත් ප්රසන්න ගමගේ නැමැති පුද්ගලයෙකුටයි.
පහරකෑමට ලක්වු පුද්ගලයා මේ වනවිටත් කිරිබත්ගොඩ රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.