Gossips

ප්‍රවේශම්වන්න !සෞඛ්‍ය අංශවලින් මහජනතාවට උපදෙස්

එළඹෙන උත්සව සමයත් සමඟ ඉහළ යා හැකි අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රථවාහන අනතුරු, ගිනිකෙළි අනතුරු මෙන්ම විනෝද චාරිකා අතරතුර සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ රිය අනතුරු 3368 ක් වාර්තාවී ඇති බවයි.
පසුගිය වසරට සාපේක්ෂව මාරක රිය අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද සඳහන්.
පසුගිය වසරේ මාරක රිය අනතුරුවලින් පුද්ගල මරණ 267 ක් වාර්තාවී ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ මරණ 322 ක් වාර්තාවී තිබෙනවා.