Gossips

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා හෙට දැයෙන් සමුගනී

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.
ඔහුගේ දේහය මේ වන විට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, ඊයේ (30) රාත්‍රියේ හෘදයාබාධයකින් මිය යන විට ඔහු 80 වියේ පසුවුණා.
චිත්‍රවට 32ක් පමණ අධ්‍යක්ෂණය කර ඇති රෝයි ද සිල්වා, මේ දෑස කුමට ද?, සුනේත්‍රා,මිනිසුන් අතර මිනිසෙක්, ඔබට දිවුරා කියන්නම් සහ මුවන්පැලැස්ස ඇතුළු චිත්‍රපට 65කට පමණ සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.