ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසුවුණා.
අමකර කරවි සරින්, මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබෙනවා.
එමෙන්ම සිනමා නිර්මාණ 12කට පමණ මොහු පසුබිම් ගායනයෙන් සහය වී ඇති බව සඳහන්.
