Gossips

ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
මියයනවිට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවූවා.
රංගන දිවියේ දශක තුනකට අධික කාලයක් ඔහු ටෙලිනාට්‍ය මෙන්ම වේදිකා නාට්‍ය රංගනයෙන්ද රසික හදවත් ආමන්ත්‍රණය කළා.
ප්‍රවීණ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු මෙන්ම සිනමා, රූපවාහිනී, වේදිකා නාට්‍ය ශිල්පි ලොයිඩ් ගුණවර්ධනයන්ගේ දේහය මේ වනවිට කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර තිබෙනවා.
දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.