Gossips

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ හදිස්සියේම රෝහල් ගත කරයි

හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා පෙරේදා රෝහලට ඇතුලත් කර තිබෙන අතර මේවන විට වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් ඒ මහතාගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා හිරුට සදහන් කළා.
ඒ මහතාට අවශ්‍ය ප්‍රතිකාර තවදුරටත් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.