ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව වාර්තාවනවා. 
හපුතලේ ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගීව සිටි අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා. 
ඒ අනුව ඔහුට හෙට (14) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයක්ද සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ. 
ඔහුට සෙත්පතා හෙට උදෑසන බෙල්ලන්විල රජමහා විහාරයේදී කලාකරුවන් පිරිසක් විසින් බෝධිපූජා පිංකමක්ද පැවැත්වීමට නියමිත බවත් වාර්තාවනවා.



