Sports

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

COLOMBO (News 1st) – ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අද අභාවප්‍රාප්ත විය. ඒ, පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 75 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේ ය. ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා ද වන්නේ විජේසුන්දර මහතායි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය.

The post ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.