මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ විශාරද අමරා රණතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය ප්‍රවීන ගායක සහ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳයි.
හෘදයාබාධයකට ලක්ව මිය යන විට ඇය 79 වන වියේ පසුවුණා.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (15) රාත්‍රියේ මිය ගිය බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙරට රාගධාරී සංගීතයේ පුරෝගාමීන් වන රණතුංග යුවළ භාරතීය සංගීතය දේශීය සිංහල සංගීතය හා මුසු කළ නිර්මාණ රැසක් ඉදිරිපත් කළා.
මහරෑ යාමේ, ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩ වූ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, පාලූ පැළේ මට තනි නෑ හිමියනේ, සැළලිහිනියෝ ඔබ දන්නේ නෑ ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කළා.
අභාවප්‍රාප්ත සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි.
