දුම්රිය වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, දුම්රිය වෘත්තීය සමිති වෙත ප්‍රණාමය පුද කරනවා.
කෙසේ වෙතත්, වර්ජනය ක්‍රියාත්මක වූයේ නම්, ඊට මුහුණදීමට සූදානමින් සිටි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළා.
මේ අතර, ලබන ඔක්තෝම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සියයට 15 දුම්රිය ගාස්තු වැඩිවීමට අදාළ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නුදුරු දිනයකදී අත්සන් තැබීමට නියමිතයි.
