Gossips

ප්‍රවාහන ගාස්තුවල වැඩිවීමක් නැහැ

ඉන්ධන මිල ගණන් සංශෝධනය වුවද ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් ප්‍රවාහන ගාස්තු මෙම කාලය තුළ ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එබැවින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා.
කෙසේ වෙතත්, ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බවයි.