ප්රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන් සොයා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
එහි සභාපති හසිත තිලකරත්න කියා සිටියේ ප්රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන්නේ නම් 1977 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට හෝ 011 7755 481 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම අටපිරිකර නිෂ්පාදකයින් සහ වෙළඳුන් සිය ව්යාපාරික ස්ථාන බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු වනවා.
ඊට අමතරව උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ සහ ආනයනකරුවාගේ ලිපිනයද, දුරකථන අංකයද එහි ඇතුළත් විය යුතුයි.