Gossips

ප්‍රමිතියක් නැති බස් වඩේ

දුර ගමන් සේවා බස් රථවලට නැග ආහාර අලෙවි කෙරෙන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් පිළිබදව සොයා බැලීමට අප ක්‍රියාත්මක වුණේ හිරු සී.අයි.ඒ.ප්‍රේක්ෂකයෙකුගේ ඉල්ලීමක් මතයි.
බස් මගීන් මෙවැනි පුද්ගලයින්ගෙන් ආහාර මිලදී ගන්නේ බොහෝ විට කුඩා දරුවන්ට ලබාදීම සදහායි.
එහෙයින් ඒවා පිරිසිදු මට්ටමක තිබීම අනිවාර්ය වනවා.
එහෙත් , තොරතුරු ලබාදුන් පුද්ගලයා පැවසු පරිදිම වඩේ විකුණන්නන්ගේ අප්‍රිය සහගත ක්‍රියා කලාපයන් හිරු සී.අයි.ඒ.කැමරා කාචයේ මෙලෙස සටහන් කර ගැනීමට අප සමත් වුණා.
විකිණීමට ඇති වඩේ කූට ජංගම වෙළදුන්ගේ දෑතට යන්නේ දුර ගමන් සේවා බස් රථ පැමිණි විට පමණයි.
එතෙක්, දුවිල්ලෙන් ගහන තැන, තැන බිම මෙම වඩේ කූඩ දමා තිබෙනවා.