එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ එහි ලාංඡනය සහිතව අන්තර්ජාලයට නව අවුරුදු සුභ පැතුම් එක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු දෙදෙනා මේ වන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.
