Gossips

ප්‍රභල දේශපාලන සාමාජිකයෙක් සිය බිරිඳට කළ අමානුෂික පහරදීමක් CCTV කැමරාවේ සටහන් වෙයි

ඉන්දියානු දේශපාලන පක්ෂයක් වන DMK පක්ෂයේ හිටපු සාමාජිකයෙකු සිය බිරිඳට එල්ලකළ අමානුෂික පහරදීමක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා.
ඔහු මෙම පහරදීම සිදුකරන්නේ තමිල්නාඩුවේ රූපලාවන්‍යාගාරයකදීයි.
මෙම අමානුෂික පහරදීම පසුගියදා සිදුවන අතර මේ සම්බන්දයෙන් සෙල්වකුමාර නමැති පුද්ගලයා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම පහරදීම රූපලාවන්‍යාගාරයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් ව ඇති අතර ඒ පිළිබඳ කළ පරීක්ෂන ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු සිය බිරිඳට අතින් පයින් පහරදෙන අයුරු පැහැදිලිව සටහන් වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පහරදීම සිදුවන අවස්ථාවේ තවත් කාන්තාවන් තිදෙනෙකු ඇයව ඔහුගෙන් ගලවාගන්නට වෙර දරන අයුරුද මෙම වීඩියෝවේ දැක්වෙනවා.
අදාළ වීඩියෝව පහතින් බලන්න.