Gossips

ප්‍රබල මත් ජාවාරම්කරුවන් 24 දෙනෙකුගේ, දේපළ රාජසන්තක කිරීමට විමර්ශන

හඳුනා ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකුගේ දේපළ රාජසන්තක කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
මේ වන විට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මක අතර, ඊට සමගාමීවයි මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ.