Gossips

ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනක් ක්‍රීඩා විවේකාගාරය ඇතුලේ ගැටුමක් ඇතිකරගනී

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී ඇත්තේ ඩේවිඩ් වෝනර් සහ ක්වින්ටන් ඩී කොක් අතර බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර අදාළ සිදුවීම ඊයේ තේ විවේකය අතර ක්‍රීඩාගාරය වෙත පැමිණෙන අතරතුරයි මෙම උණුසුම් තත්වය ඇතිවී ඇත්තේ.
එහිදී සෙසු ක්‍රීඩකයන්ට ගැටුම සමතයකට පත්කිරීමට මැදිහත් වීමට සිදුවූවා.
මේ අතර අදාළ සිදුවීම ක්‍රීඩක විවේකාගාරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් ව තිබෙනවා.
එම දර්ශන පහතින්.