Gossips

ප්‍රබල එංගලන්තය පැරදූ කොදෙව්වන්ට දැවැන්ත ජයක්

ප්‍රබල එංගලන්තය පරදා බ්‍රිජ්ටවුන් හිදී පැවති පළමු ටෙස්ට් තරඟයෙන් දැවැන්ත ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
කොදෙව්වන් මෙම තරඟය ජය ගත්තේ ලකුණු 381කින්.
තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 289ක් රැස් කළා.
කොදෙව් වේග පන්දු බල ඇණියේ ආක්‍රමණය හමුවේ එංගලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 77ක් පමණයි.
ලකුණු 212ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම කඩුලු 06කට ලකුණු 415ක් රැස්කරගෙන සිටියදී අත්හිටුවීමට තීරණය කළා.
එහිදී කොදෙව් දෙවන ඉනිම වෙනුවෙන් කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 415ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිට වූ කොදෙව්වන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 627ක ඉලක්කයක් ලබා දුන්නා.
යළිත් සිය ආක්‍රමණය දියත් කළ කොදෙව් පන්දු යවන්නන් එංගලන්ත දෙවන ඉනිම ලකුණු 246කට සීමා කළා.
කොදෙව්වන් ලැබූ මෙම ජයත් සමඟ තරඟ 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පෙරමුණ ගන්නට කොදෙව්වන් සමත් වුණා.
තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්.