Gossips

ප්‍රබලයින් තිදෙනෙක් නිදහස් කුසලානයේදී විවේක ගන්වයි

ලබන 06 වනදා ශ්‍රී ලංකාවේදී ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරඟාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය තීරණය කිරීම සඳහා එම්.එස්.කේ ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව මෙම සතියේ රැස්වීමට නියමිතයි.
මෙම තරඟාවලිය තුලදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයි තිදෙනෙකු විවේක ගැන්වීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව ඇත්තේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන බුවනේශ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා මෙම තරඟාවලියට එක්කර නොගැනීමට බොහෝ විට ඉඩකඩ පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
නිදහස් කුසලාන තරඟාවලියෙන් පසු ආරම්භ වන ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් බුවනේශ්වර්ට සහ බුම්රාට විවේකයක ගැන්වීමට තීරණය කර ඇති බව සඳහන්.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරඟාවලි තුලදී බුවනේශ්වර් කුමාර් 100කට වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යවා ඇති අතර මේ හේතුවෙන් ඔහුට විවේකයක් ලබා දීමට අවශ්‍ය බවයි තේරීම් කමිටු සාමාජිකයින් පවසන්නේ.
මේ අතර ජස්ප්‍රිට් බුම්රා මේ වන විට එක්දින පන්දු යවන්නන් දර්ශකයේ පළමු ස්ථානයේ සහ පන්දුවාර 20 පන්දු යවන්නන් දශකයේ සිව් වන ස්ථානයේත් රැඳී සිටිනවා.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ කෙසේ වෙතත් මෙම සතියේ රැස් වන ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව මේ සම්බන්ධයෙන් තවදුටටත් සාකච්ඡා කරනු ඇති බවටයි.
මේ අතර විරාත් කෝලි ද මෙම තරඟාවලිය තුලදී විවේක ගැන්වීමට ඉඩකඩ පවතින බව පසු ගියදා එරට මාධ්‍ය වාර්තා කළා.
තරඟාවලි කිහිපයක්ම එක දිගට ක්‍රීඩා කිරීම නිසා ඔහු විවේකයක් අවශ්‍ය බව පැවසුවහොත් ඔහු නිදහස් කුසලාන තරඟාවලියේදී විවේක ගැන්වීමට සුදානම් බවයි ඉන්දීය තේරීම් කමිටු සභාපතිවරයා පවසා ඇත්තේ
දකුණු අප්‍රිකාවේදී දීර්ඝ සංචාරයකට ඉන්දීය කණ්ඩායම සහභාගී වූ අතර එම තරඟාවලියේ සියලු තරඟවලට කෝලි ක්‍රීඩා කල අතර, ඒ නිසා, අවශ්‍ය නම් කොලිට විවේකයක් ලබාදීමට පසුබට නොවන බවයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.
ලබන 06 වනදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වීමට නියමිතයි.