Gossips

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසනවා.
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (23) උදෑසන අලව්ව දුම්රිය ස්ථානය අසළ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
කෙසේ වෙතත් එම දුම්රිය මේ වන විට යථා තත්ත්වයට පත් කර යළි ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ.